අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
එරට රාජ්ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද ඇය සමඟ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (31) රාත්රී 10.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ UL 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඔවුන් පැමිණ තිබුණා.
මේ අතර අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් ශ්රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව නූලන්ඩ් මහත්මියට සිය ස්තූතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.