කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර තිබෙනවා.
එමෙන්ම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සෙසු සාමාජිකයන් ලෙස ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම් ලබා දෙනු ලැබුවා.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමුණා.