26.4 C
Colombo
Friday, March 14, 2025

ලෝකෙ වටේ ගිය ‘මැණිකේ’ ගෙදර එයි

- Advertisement -

ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.
ඒ, GPS- ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කර යළි දිවයිනට පැමිණීමේ පර්යේෂණයක් මෙහෙයවමිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ මෙම විස්මය ජනක චාරිකාවේ නිරත වූ හියුග්ලින් ගලුවියා (Heuglin’s Gull) නම් කර ඇත්තේ, මැණිකේ යන අන්වර්ථ නාමයෙනි.

ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමග අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙස මැණිකේ ඉතිහාසයට එක්වනු ඇති.

ඒ අනුව මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කළ සංක්‍රමණ චක්‍රයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 19,360 කි.

2021 අප්‍රේල් මාසයේදී මැණිකේට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging) සිදු කෙරුණේ, මන්නාරම දූපතේදී ය.

පුරා දින 20 ක් මන්නාරම දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිටි ‘මැණිකේ’ අප්‍රේල් මස අග භාගයේදී මන්නාරමෙන් පිටත් වූ බව පර්යේෂණ කණ්ඩායම පැවසී ය.

තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමින් යමල් අර්ධද්වීපයට ළඟා වූ මැණිකේ යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර යුරෝපියානු රුසියාවට ඇතුළු වී ඇත්තේ, යූරල් කඳු තරණය කරමිනි.

ජුනි සිට අගෝස්තු දක්වා වූ ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවේදී අභිජනනයේ නිරත වූ මැණිකේ, ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කරන්නේ, අගෝස්තු අගභාගයේදී ය.

ආක්ටික්හි තම ග්‍රීෂ්ම නිවහනෙන් ප්‍රථමයෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට යළි ළඟා වූවා ය.

මැණිකේගේ මෙම ගමන තවත් සුවිශේෂී වන්නේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය ද සපයන බැවිනි.

මෙම සුවිශේෂි චාරිකාව සඳහා මැණිකේ ගෙවූ කාලය සහ දුර

උතුරු සංක්‍රමණයේ දී පුරා දින 35 ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළ මැණිකේට දකුණු සංක්‍රමණය සඳහා දින 91 ක් ගත වූ අතර, මෙහි දී ඇය සම්පූර්ණ කළ දුර කිලෝමීටර 11,480 කි.

ඒ අනුව, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු සම්පූර්ණ චාරිකාව තුළදී මැණිකේ ගෙවා දැමූ දුර , කිලෝමීටර් 19,360 කි.

RECENT ARTICLES - SINHALA

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම...

බටලන්ද අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුගිය 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...

පාසල් සංවර්ධන සමිති ගාස්තු සම්බන්ධයයෙන් ගුරු සංගම්වලින් චෝදනා

පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම්...

POPULAR ARTICLES

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම...

වන රක්ෂිත ඉඩම් ගැන රජය ගත් තීරණය

පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය ධම්මික...

බටලන්ද අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුගිය 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...