25.7 C
Colombo
Sunday, November 24, 2024

මානසික රෝග ඉහළට – විශේෂඥ මනෝ වෛද්‍යවරියකගෙන් අනාවරණයක්

- Advertisement -

සමාජය තුළ පවතින සංකීර්ණ තත්ත්වය හේතුවෙන් මානසික රෝග ව්‍යාප්තිය ඉහළ යාමක් පෙනෙන්නට ඇති බව කොළඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය චතුරි සුරවීර මහත්මිය පවසනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වාදී තිබෙන්නේ මෙරට ජනගහනයෙන් 10% ත් – 15% ත් අතර පිරිසකට කුමන හෝ ආකාරයකට මානසික රෝගී තත්ත්වයක් පවතින බවයි.

ඉන් බොහොමයක් බරපතළ නොවන සුව කළ හැකි මට්ටමේ පවතින විශාදය වැනි රෝගී තත්ත්වයන් බවත් නිසි ප්‍රතිකාර නොලැබුණහොත් එම රෝගී තත්ත්වයන්ද පුද්ගලයාගේ ජීවිතය ඔහු ජීවත් වන සමාජයට අහිතකර අයුරින් බලපෑ හැකි බවද ඇය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙවැනි මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දෙන බව පවසමින් නියමිත සුදුසුකම් සපුරා නොමැති මනෝ උපදේශකයින් විසින් ලබාදෙන ඇතැම් ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් මානසික රෝගී තත්ත්වය ඇතැම් අවස්ථාවලදී නරක අතට හැරීමට හේතු වන බව ද ඇය එහි සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES