හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අප්‍රේල් 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධ චෝදනා මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකු පසුගිය මාර්තු 05 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.