28.6 C
Colombo
Sunday, April 6, 2025

ස්කයිප් වසා දමන්න තීරණයක්

- Advertisement -

දශක දෙකක් පුරා ලෝකයේ ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක්ව පැවති  ස්කයිප්, මැයි මාසයේ සිට වසා දමන බව එහි හිමිකරු වන මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා.

ස්කයිප් සමාගම සිය X ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී ඇත්තේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නතර කරනු ලබන බවයි.

ඒ අනුව , මේ වන විට ස්කයිප් භාවිත කරන පරිශීලකයින්ට ඔවුන්ගේ පැරණි ඇමතුම් තොරතුරු එලෙසම පවත්වා ගනිමින්  Microsoft Teams වෙත සම්බන්ධ විය හැකි බවද එම සමාගම දැනුම් දී තිබෙනවා.

ස්කයිප් සඳහා යෙදූ මුරපද (password) සමග ඔවුන්ට Microsoft Teams Free සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇති.

2020 වසරේ ඇති වූ කොව්ඩ් වසංගතය හමුවේ සූම් වැනි නව වීඩියෝ තාක්ෂණය කරළියට පැමිණීමත් සමඟ ස්කයිප් සදහා පරිශීලකයන් ක්‍රමයෙන් අඩු වෙමින් පැවති අතර ස්මාර්ට් ජංගම දුරකථනවලට වඩාත් සුදුසු ආකාරයෙන් හැඩගැසීමට ඇති අභියෝග සමඟ ස්කයිප් සමාගමට අනෙකුත් වීඩියෝ ඇමතුම් සේවා සමඟ තරඟ කිරීමට සිදුව තිබුණා.

2003 දී ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප් යෙදුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගනු ලැබුවේ 2011 වසරේදීයි. ලොව පුරා විසිරී සිටින මිතුරන්ට සහ ඥාතීන්ට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට ස්කයිප් මඟින් අවකාශය සැලසුණාගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට ස්කයිප් මඟින් අවකාශය සැලසුණා.

RECENT ARTICLES - SINHALA

මිනිස්සු අපිට හිනාවෙනවා-එස්.එම් චන්ද්‍රසේන

සහෝදරයා හා තම බිරිඳ සිරඟත විම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කෙසේ වුවත් තමාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වා ගෙන...

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා‌ගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර...

වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරිමේ සූදානමක්

වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින්...

POPULAR ARTICLES

T20 ලෝක කුසලානය දිනා අදට වසර 11ක්

ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක්. බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති 2014 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන...