25 C
Colombo
Friday, November 29, 2024

මිදිගම රුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

- Advertisement -

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා අද (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ඔහුව දෙසැම්බර් 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොලීසිය පවසන්නේ රුවන්, නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳගේ සහෝදරයා වන අතර ඔහුගේ උපදෙස් මත සිදුකළ අපරාධ රැසකම මහමොළකරු ලෙසත් කටයුතු කර ඇති බවයි.

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට ගත් උත්සාහයේ සැලසුම්කරු ලෙසද මිදිගම රුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

ත්‍රස්ත මර්දන කොට්ඨාස නිලධාරී කණ්ඩායමක් විසින් පසුගිය මැයි 31වනදා රුවන් ව ඩුබායිහි සිට දිවයිනට රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කර තිබුණා.

මිදිගම රුවන් පසුගිය අප්‍රේල් මාසයේදී ඩුබායීහී රාත්‍රී සාමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

ඒ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර තිබියදීය.

සැකකරු 2022 වසරේ අගෝස්තු 4 වනදා ගල්කිස්ස අධිකරණයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ලෙස නම් කෙරුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණේ ඒ අනුවයි.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

POPULAR ARTICLES

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...