ආනයනික කිරිපිට මිල ඉහළ යෑමත් සමග කිරි තේ මිල අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ අප්‍රේල් මස පළවෙනිදා සිට කිරිතේ එකක මිල රුපියල් 10කින් ඉහල දැමීමට තීරණය කළ බවයි.
ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට 4.7% කින් ඉහළ දමන බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය පසුගියදා නිවේදනය කළා.
එම මිල වැඩි වීමට අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වනු ඇති.