29 C
Colombo
Tuesday, March 25, 2025

පාතාල නායකයින්ගේ නම් කියලා ලක්ෂ ගණන් මුදල් ගරලා

- Advertisement -

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ඉල්ලන කල්ලියක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිලි 25ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මාතර, දෙයියන්දර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබෙනවා.

මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක්ද ඔවුන් දෙදෙනා සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

අවසන්වරට එම කප්පම්කරුවන් තමන්ව පාතාල සාමාජික දෙමටගොඩ චමින්ද බව හඳුන්වා දෙමින් දුරකථන ඇමතුම් දී මුදල් ඉල්ලා ඇත්තේ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකුගෙන්.  

ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාමය හා දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 42 හා 44 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් මුදල් වංචා සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර ගණනාවක් සිරදඬුවම් ලබා පැමිණි අය බව පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයන් ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ කුඩා ගිනිඅවියක්, මිලිමීටර් 3.8 වර්ගයේ ජීව උණ්ඩ 5ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක් හා ජංගම දුරකථන 7ක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර...

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු...

මිළඟ මුදල් අමාත්‍යංශයේ ලේකම් දුමින්ද හුලංගමුව ද?

මිළඟ මුදල් අමාත්‍යංශයේ ලේකම් කවුද යන්න පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසනවා ඊයේ පැවති රූපවාහිනී...

POPULAR ARTICLES

දේශබන්දුට ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්

මේ වන විට බන්ධනාගාර ගතව සිටින ධූරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පියවර...

ඡන්ද වැඩ ගැන කොමිසමෙන් රජයට දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු...

ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා ගැන නිවේදනයක්

පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත්...