29 C
Colombo
Friday, January 24, 2025

දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා ගැන බන්දුල දුකෙන් (වීඩියෝ)

- Advertisement -

දුම්රිය වර්ජනය හේතුවෙන් අද දින දුම්රියක වහලය මත ගමන් කළ තරුණයෙකු දුම්රියෙන් ඇද වැටී මිය ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වර්ජනය කළ පුද්ගලයින් මෙම මරණයට වග කිවයුතු බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයට පෙර මිය ගිය තරුණයා සිහි කර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු ඊට සහභාගී වූ අනෙක් පිරිස සිය අසුන්වලින් නැගිට ශෝකය පළ කළා.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ මරණය ගැන අපි අතිශය කනගාටු වන අතර, මෙම මරණයට සම්පූර්ණයෙන්ම හිතුවක්කාර වෘත්තීය සමිතිවල වැඩවරපු 84 දෙනාම මේ මරණයේ වගඋත්තරකරුවන්. යුක්තිය පසිඳලන ආයතන තියෙනවා නම් මේ දරුවාට දෙමාපියන් ඉන්නවා, මේ වර්ජනය කරපු අයත් දෙමාපියන් වෙන්න පුළුවන්. නමුත් හිතුවක්කාර වර්ජනයක් කරේ. හෙට සාකච්ජාව දීලා තියෙද්දි පොරොන්දු වෙලා නිල වශයෙන් දැනුම්දීලා තියෙද්දි එපා කියද්දි 84 දෙනෙක් පමණක් මෙහෙම වර්ජනය කිරීම සම්පූර්ණයෙන්ම දුම්රිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමක්. ඒ නිසා මේ ත්‍රස්තවාදයට යටත්වෙන්න රජයක් විදියට අපි සුදානම් නෑ. මෙවැනි අනීතික වැඩවර්ජනයක් කරලා මෙහෙම නිරායුධ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැතිවෙනවා නම් මේක මිනිමැරුමක්.”

මේ අතර, අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

“මම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලනවා අද මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මහජනයාට අත්‍යාවශ්‍ය සේවය පරිවර්තනය කරලා හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගන්නත් අනෙක් කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවී තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළ අනෙකුත් අනෙක් වෘත්තීය සමිති සහ ඒවායේ 18,000ක් පමණ අනෙක් සේවකයින් වෙනුවෙනුත් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා.”

RECENT ARTICLES - SINHALA

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...

සලෝචන ගමගේට ඇප

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප හිමිව තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය...

අපි තමයි ලොකුම මුස්ලිම් පක්ෂය – බිමල්ගෙන් හකීම්ට උත්තරයක්

ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින්ගේ ගැටලුව දේශපාලනීකරණය නොකරන ලෙස  අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉල්ලා සිටිනවා. ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා...

POPULAR ARTICLES