26 C
Colombo
Monday, January 20, 2025

ඇමති බිමල් කෝච්චියේ වැඩට ගිහින්

- Advertisement -

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක ගමන් කර තිබෙනවා.

උදෑසන 7.13 ට මොරටුවෙන් පිටත් වූ කෝච්චියේ ගමන් ගත් අමාත්‍යවරයා එහි සිටි ජනතාව සමඟ කතා බහ කරන ආකාරයේ දර්ශනද මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වීම දැකිය හැකියි.

මෙහිදී අමාත්‍යවරයා පෙර දැනුම්දීමකින් හෝ මාධ්‍ය කැඳවීමකින් තොරව මෙලෙස දුම්රියේ ගමන් කර ඇති අතර දුම්රියට ගොඩවීමේදී ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝග, ධාවන පථවල සහ දුම්රිය ස්ථානවල අපිරිසිදු තත්ත්වයන් සහ අනාරක්ෂිත අවදානම් ඇති කරන යල් පැන ගිය දුම්රිය අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳව මගීන් සිය පැමිණිලි අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම මෙම ගමන අතරතුර අමාත්‍යවරයා ඇතැම් දුම්රිය ස්ථානවලදී බැස ක්ෂණික නිරීක්ෂණයන් කර නැවත කෝච්චියට ගොඩවන ආකාරයද දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

එක ගෙයි කෑම කතා කරන්න අලියත් කැමති වෙලා

ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගය හා එක්ව තරග කිරීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී සමගි ජන...

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගිනි අරන්

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. අද (20) සවස එම සිදුවීම වාර්තා වී තිබුණේ එඬේරමුල්ල දුම්රිය...

POPULAR ARTICLES