කාබනික පොහොර වැඩපිළිවෙල නිසි පරිදි ප්‍රවර්ධනය කරගැනීමට රජයට නොහැකි වූ බව තමන් පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ එය ප්‍රවර්ධනය කරගැනීමට නොහැකිවීම ආණ්ඩුවෙන් සිදුවූ විශාල වරදක් බවයි.
කෙසේ වෙතත් මෙහිදී අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට සෘජුව චෝදනා එල්ල කළා.
මෙම වැඩපිළිවෙල හා සෘජුව සම්බන්ධවන සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ පරිසර අමාත්‍යාංශය කාබනික පොහොර පිළිබදව වචනයක් හෝ කතා නොකළ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.
වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාත් පරිසර අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතාත් කටයුතු කරනවා.
ඊට අදාළ දර්ශන පහතින්,