31 C
Colombo
Friday, October 25, 2024

ආරක්‍ෂක රාජ්‍ය ඇමති පාද යාත්‍රාවේ

- Advertisement -

ශ්‍රී ලංකාවේ පැරණි ජීවන සම්ප්‍රදායක් වන කතරගම පාද යාත්‍රාව දිවයිනේ උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, මෙම පාද යාත්‍රාව සදහා පස්වන වරටත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය ඉරිදා දින ( 11) එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බැතිමතුන් කතරගම දෙවියන් උදෙසා සිදු කරනු ලබන ප්‍රධාන සම්ප්‍රදායක් වන මෙම පාරම්පරික පාද යාත්‍රා සම්ප්‍රදායට සහභාගී වූ බැතිමතුන් මාස දෙකක් පමණ කිලෝමීටර් සිය ගණනක් පසු කරමින් යාල ජාතික වනෝද්‍යානය හරහා ඊයේ දින (15) කතරගම පුදබිම වෙත ලඟා වි තිබුණා.

මෙම පාද යාත්‍රාව සඳහා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ද රාජ්‍ය අමාත්‍යවරයා හා එක් වූ බව සඳහන්.

තවද මෙම පාද යාත්‍රා සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික ආචාර ධර්මවල අංගයක් වන අතර, පාද යාත්‍රාව ආරම්භ කර ඉදිරියට යන විට බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් මෙම පාද යාත්‍රාවට එක්වීම ‍මෙහි සුවිශේෂී ලක්ෂණයකි.

පාද යාත්‍රාව සඳහා සහභාගී වන බැතිමතුන් සඳහා යාල වනෝද්‍යානයේ ලිං තුන ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුග්‍රාහකත්වයෙන් සිසිල් බීම දන්සලක්ද සංවිධානය කර තිබූ බවට වාර්තා වෙනවා.

මෙම පුජනිය වැඩසටහන සඳහා සියලු පහසුකම් සපයන ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වනජීවි නිලධාරීන් ඇතුළු පිරිස් උතුරේ සිට කතරගම දක්වා පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට ඔවුන්ගේ ප්‍රජා සුභසාධන සහ ජීවිතාරක්‍ෂක සේවා පහසුකම් තවදුරටත් සිදුකරමින් පහසුකම් සැලසිමට කටයුතු කරන ලදි.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...