තමන්ගේ මාධ්‍ය සාකච්ඡා පිළිබදව ලියාපදිංචි තැපෑලෙන් මාධ්‍ය ආයතන දැනුවත්කරන රාජ්‍ය අමාත්‍යවරයෙක් පිළිබදව News19 වෙත තොරතුරු වාර්තා වුණා.
තාක්ෂණය මෙතරම් දියුණු කාලයේ කෙටි WhatsApp පණිවුඩයක් මගින් මාධ්‍ය ආයතන දැනුවත් කළ හැකි කාලයක රුපියල් 125 ක් එක් ලිපියක් සඳහා වැයකර ලියාපදිංචි තැපෑලෙන් මෙලෙස තමන් පවත්වන මාධ්‍ය හමු නිල මුද්‍යාවද සමගින් මාධ්‍ය ආයතන දැනුවත් කරනුයේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹු මහතායි.
රාජ්‍ය ආයතන වියදම් මෙන්ම මන්ත්‍රී හා ඇමති වියදම් අඩුකරගැනීමට ජනාධිපතිවරයා උපදෙස් තිබියදී මෙලෙස මාධ්‍ය ආයතනවලටම ලිපි යවමින් නාස්තිකාර වියදම් කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ නියෝග තඹ සතයකට මායිම් නොකර බවයි පෙනී යන්නේ.