28 C
Colombo
Wednesday, January 29, 2025

ඇමති රොෂාන්ගෙන් අභියාචනාධිකරණයට බැණුම් (වීඩියෝ)

- Advertisement -

මෙරට ඇති අධිකරණ පද්ධතියේ එක් අධිකරණ කාමරයක් වන කාමර අංක 301 හි දැවැන්ත ගැටළුවක් පවතින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (08) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සදහන් කළා.

කාමර අංක 301 හි නීතියේ දෙවඟනගේ අතෙහි ඇති තරාදිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි බරක් සහිතව ක්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වීමට පෙර අපරාධ නඩු පමණක් විමසුවද සභාපතිවරයා විමෙන් පසුව රිට් නඩු කටයුතු විමසීමද ඔහු යටතට ගත් බව රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ඉතාම අසාමාන්‍ය ලෙස ක්‍රිකට් නඩු කටයුතු විමසීම මෙන්ම 2022 වසරේ තුන්වන කාර්තුවේ සිට ගොණු කළ නඩු කටයුතුද බන්දුල කරුණාරත්න මහතා විමසූ බවයි.

බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්වූ පළමු දිනයේ ඔහුගේ ප්‍රථම රාජකාරිය ලෙස ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම බන්දුල කරුණාරත්න මහතා විවාහ වී සිටින්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන ශම්මිද සිල්වා මහතාගේ ඉතාම කුළුපඟ ගජ මිතුරෙකු වන නීතිඥ අසේල රැකම මහතාගේ මවගේ නැගණිය සමග බවද රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව බන්දුල කරුණාරත්න මහතා ගේ බිරිඳ හා අසේල රැකව මහතාගේ මව යනු අක්කා නගෝ බවත් මේ හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය හා නඩු කටයුතු අතර ලබැදියාවේ ගැටුම් ඇතිව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා. මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර...

TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඉදිරියේදී විදුලි...

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන මෙන්න

2024(2025) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාර්තු 17 දා ආරම්භවී දින නවයකදී පැවැත්වෙන මෙම...

POPULAR ARTICLES

එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා. මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර...

TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඉදිරියේදී විදුලි...

වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් සටන අද

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) ආරම්භ වනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පෙරවරු...