26.2 C
Colombo
Friday, November 8, 2024

විජිත හදිසියේම වරායට

- Advertisement -

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ වසර 2ක පමණ කාලකයක සිට පවතින බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වී සිටින බවයි.

වසර දෙක තුනකට පමණ ඉහතදී සියලු ක්‍රමවේදයන් අනුගමනය කරමින් වුවද දිනකට බහලුම් 1,800ක් 2,000ක් පමණ වරායෙන් පිටත්කළ හැකි වූ බවද ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේ නමුත් අද වනවිට බහාලුම් වරායෙන් පිට කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවන බවත්, ටෝකන් අංකයක් ලබාදුන්තද එම පිළිවෙළට බහලුම් වරායෙන් පිට නොවන බවත් ඔවුන් පැවසුවා.

එමෙන්ම, ඇතැම් සේවයක් මත්පැන් පානය කර රාජකාරී සිදුකරන බවත්, තවත් සමහරු රාජකාරිය පැහැරහැර අවමගල්‍ය උත්සවලට සහභාගිවීම මෙම ප්‍රමාදයන්ට හේතු බවද හෙළි කළා.

එමනිසා නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, වංචාවෙන් දූෂණයෙන් තොරව තමන්ට නිදහසේ බහාලුම් නිෂ්කාශන කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

පිරමීඩ මුදල් වංචාවකට යුවළක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී...

CIDයට ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක්

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. මුදල් විශුද්ධීකරණය...

ගජමුතු සමග හිමිනමක් මාට්ටු

මහනුවර - ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදි එම හිමිනම අත්අඩංගුවට ගැනිමට මධ්‍යම...

POPULAR ARTICLES