30 C
Colombo
Saturday, December 21, 2024

ඇමති බංගලා පිටරට සංචාරකයින්ට

- Advertisement -

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවා.

පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසූ හෙතෙම මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළා.

මේ අතර, ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලා වලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතයි.

මේ අතර, රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසනවා.

ඇමතිවරුන් වෙනුවෙන් කොළඹ වෙන්කර තිබූ බංගලා සංඛ්‍යාව 35ක්.

RECENT ARTICLES - SINHALA

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

ශ්‍රී ලංකාවට උසස්වීමක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක්...

POPULAR ARTICLES

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

පළාත් පාලන මැතිවරණය අවුරුද්දට කලින් – ජනපති

ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා . ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර...