ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ඩිජිටල් කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය පවසනවා.
එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම තීරණය ගෙන තිබෙනවා.
එම සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොඩිතවක්කු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් රැසක් එක් වුණා.
එසේම එම අමාත්‍යංශයට අදාල ආයතන වල දැනට පවතින ඩිජිටල් භාවිතය සම්බන්ධ ගැටලු සහ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම අයවැයට අදාළ සංවර්ධන කටයුතු සියල්ල සහ එම සංවර්ධන කටයුතු අධික්ෂණය කිරීම සඳහා ඩිජිටල්කරණය යොදා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශය කළා.