27.2 C
Colombo
Saturday, April 12, 2025

මෝදි අනුරාධපුරයට පැමිණෙයි

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබෙනවා.

එහිදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු  මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබුවා.

අනතුරුව අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර මැද පිළි ගනු ලැබුවා.

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝදිය වැඳ පුදා ගැනීමට එක්ව ඇති අතර එහිදී අටමස්ථානාධිපති හිමි අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තා.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුරය නගරය වෙත පැමිණ තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එකම රථකයි.

ඒ  අතර මග ලබාගත් ඡයාරූපයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ පල කර තිබුණා.

එම ඡායාරූපයට තබා තිබූ සටහන වන්නේ, “මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුරයේ දී” යනුවෙන්.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES