28 C
Colombo
Wednesday, April 23, 2025

මෝදි ආපු එක ලොකු වාසියක් – එස් බී

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණීම ඉතා වාසිසහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වත්මන් ආණ්ඩුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් මෙම සංචාරයේදී  ශ්‍රී ලංකාවට උපරිම ලාභ ප්‍රයෝජන ගැනීමට හැකි ආකාරයෙන් සංචාරය සහ සාකච්ඡා සංවිධානය කර තිබුණු බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වුවද ඒ පිළිබඳව ඔහු සතුටට පත් වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ එ.බී දිසානායක මහතා :

මම විශ්වාස කරන විදිහට අපේ විපක්ෂයේ මිත්‍රවරු මොනා කිව්වත් මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ඉතාම සාර්ථක වාසි සහගත ඉතාම අර්ථාන්විත සංචාරයක් කියලා තමයි මම හිතන්නේ.ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් මේ සංචාරයේදී ශ්‍රී ලංකාවට උපරිම ලාභ ප්‍රයෝජන  ගන්න පුළුවන් වෙන විදිහට මේ සංචාරය හා සාකච්ඡා සංවිධානය කරලා තිබ්බා දැක්කා.ඒ නිසා මම ඒ ගැන සතුටු වෙනවා. අපි ඒ පක්ෂයේ නොවුනත්. ලංකා ඉතිහාසය දිහා බැලුවොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන්ද්‍රා ගාන්ධි මැතිනිය එක්ක තියාගත්ත තද මිත්‍රත්වය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය විශ්වාසත්වය මත තමයි අපිට කච්චතිව් දූපතත් ඉන්ද්‍රා ගාන්ධි මැතිනිය අපිට ලියලා දුන්නේ. අදත් කච්චතිව් දූපත ආපසු ගන්න කියලා ලොකූ බලපෑමක් තමිල්නාඩුවෙන් තියෙද්දිත්, මෝදි අග්‍රාමාත්‍යතුමා ඒ බව කිසිදු කතාවක් නොකර පළාත් සභා පිහිටුවන්න බලය බෙදන්න කියන කාරණය කියලා අනිත් හැම පැත්තෙන්ම අපට විශාල වාසි ප්‍රයෝජන ලාභ විශාල ගණනක් අත්පත් කරලා දුන්නා.

මේ වෙනකොට ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධන වනන රටක්.ඒ රටේ ආයෝජකයන්ගේ සහාය සහ ඒ වෙළඳපොළ ශ්‍රී ලංකාවට දිනා ගැනීම සඳහා මෝදිත් එක්ක හදාගත්ත මේ මිත්‍රත්වය හා සංචාරය ඉතාම ප්‍රයෝජනවත්. මේ සංචාරය රජය කරපු ඉතාම හොඳ වැඩක්”

RECENT ARTICLES - SINHALA

තීරු බදු ගැටලුව ගැන සාකච්ඡාවක්

 තීරු බදු ගැටලුව පිළිබඳ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ(22) පවත්වා තිබෙනවා. ඒ අමෙරිකාවේ වොෂින්ටන්හිදීයී. මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත...

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටිලා

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු...

බෝට්ටුවෙන් කොටුවට

මෙරට මුහුදු තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිතා කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි...

POPULAR ARTICLES