27.5 C
Colombo
Thursday, April 10, 2025

කලාකරුවන්ගේ විරෝධය මධ්‍යයේ මෝදිගේ දිල්ලිය ඉදිවේ

- Advertisement -

කලාකරුවන් ඉතිහාසඥයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් විරෝධය දක්වද්දී දිල්ලියේ පිහිටි ඓතිහාසික ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර ඇත.
ඒ 2017 වසරේදී අදාළ ව්‍යාපෘතියට නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කර කොන්දේසි සහිතව ව්‍යාපෘතිය දියත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීමත් සමගය.
අදාළ වාරණය පැනැ වී තිබුණේ ව්‍යාපෘතියට එරෙහිව පරිසර ආරක්ෂණ හා ඉඩම් නීති මුල් කරගෙන ඉදිරිපත් වූ පෙස්සම් පදනම් කරගෙනය.
රුපියල් බිලියන 200 ක පිරිවැයකින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියට ඓතිහාසික ඉන්දියා ගේට් ස්මාරකයේ සිට අගමැති නිල නිවස වූ රාෂ්ට්‍රපති භවන් දක්වා කිලෝමීටර තුනක භූමි භාගයක් අයත් වේ.
මේ යටතේ පැරැණි ඉන්දීය පාර්ලිමේන්තුව වෙනුවට නව ගොඩනැගිල්ලක් ද ඉදිකෙරෙන අතර ත්‍රිකෝණාකාර හැඩයෙන් නිමා වන එහි එකවර මන්ත්‍රීන් 1200 කට අසුන් ගත හැකිය.
ඉන්දියාවේ 75 වැනි නිදහස් උළෙල යෙදී ඇති ලබන වසරේ අගෝස්තුව වනවිට නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට එරෙහිව දිගින් දිගටම සටන් කළ සමාජ ක්‍රියාකාරිනී බවරින් මල්හෝත්‍රා පවසන්නේ කොරෝනාවෙන් රටම විනාශ වූ මොහොතක මහජන මුදල් නාස්ති කරමින් රජය මහජන අවකාශයක් ද අයුතු ලෙස අත්පත් කරගනිමින් සිටින බවය.
ඉන්දියාවේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන අනිෂ් කපූර් චෝදනා කරන්නේ යෝජිත ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරු වන බිමල් පටේල්ගේ නිර්මාණ හැකියාව ඊට සරිලන්නේ නැති බවයි.
හරිත කලාප හා ගං ඉවුරු සිමෙන්තියට යට කරමින් වරණාසි හා අහමදාබාද්හි පටේල් දියත් කළ ආසන්නතම ව්‍යාපෘති ඊට සාක්ෂි දරන්නේ යැයි පවසන කපූර් නව හින්දු ඉන්දියාවක් ගොඩනැගූ ලෙසින්ම මෙයත් මෝදිගේ දේශපාලන ෆැන්ටසියේම කොටසක් යැයි චෝදනා කරයි.
කෙසේ වෙතත් ඉදිකිරීම්හි සැලසුම් භාර එච්.සී.පී සමාගමේ නිර්මාණ අධ්‍යක්ෂ බොබ් දේසායි පවසන්නේ පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වූ කලී යටත්විජිත පාලන සමයේ සුදු පාලකයන් සඳහා ඉදිකළ එකක් මිස බිලියන 1.4ක ජනතාවක් ජීවත් වන නූතන ඉන්දියාව සඳහා ඉදිකළ එකක් නොවන බවයි.
තවද මෝදි රජයේ නායකයන් පවසන්නේ ද වසර 93ක් පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තවදුරටත් භාවිතයට ආරක්ෂාකාරී නොවන බවයි.
ජාත්‍යන්තර සබඳතා විෂයෙහි මහාචාර්ය සහේල් භෂ්මි පවසන්නේ රජයේ ආයතන සියල්ල එකතැනකට ගෙනෙන මෙම ව්‍යාපෘතිය බලය බෙදීම පිළිබඳ සංකල්පයට පටහැනි බවයි.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වයිරසය හේතුවෙන් ලක්ෂ එකහමාරකට අධික පුරවැසියන් පිරිසක් මියගොස් ඇති අතර ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ 2021 දී ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම 9.6% කින් පහළ බසිනු ඇති බවයි. 

RECENT ARTICLES - SINHALA

රාජගිරියේදී ඉන්දීය ජාතිකයන් 22ක් අත්අඩංගුවට

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද...

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

POPULAR ARTICLES