30 C
Colombo
Saturday, October 26, 2024

දහම් පාසල් සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

- Advertisement -

දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා.

‘දිනමිණ’ වාර්තා කළේ කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දැරියක් අපයෝජනයට ලක් කළ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මෙම හිමිනම  සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර එම දහම් පාසැලේ අධ්‍යාපනය ලැබීම සඳහා SOS ළමා ගම්මානයේ  රැකවරණය ලබන මෙම සිසුවිය ඇතුළු  ළමුන් පිරිසක් පැමිණෙන බව වාර්තා වෙනවා.

ඒ අතරින් මෙම සිසුවිය දහම් පාසල් තරග සඳහා තෝරා ගෙන ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම්වලට සවස් කාලයේදී ගෙන්වා ගෙන ඇයව හිමිනම වාසය කරන කාමරයට කැදවාගෙන ගොස් ටොෆී , චොකලට්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් , අත් ඔරලෝසුවක්, සුවද විළවුන් හා මුදල් ඇතුළු තැගි භෝග ලබා දී රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ දැරිය රැකවරණය ලබන ළමා ගම්මානයේ පාලනාධිකාරිකාරියෙන් ලබා නොදෙන උපකරණ දැරිය සන්තකයේ තිබෙනු එහි පාලනාධිකාරිය  දැක විමසා ඒ බව දැරියගේ මවට පවසා තිබෙනවා.

අනතුරුව  මව පැමිණ දැරියගෙන්  ප්‍රශ්න කිරීමේදී ඉකුත් අගෝස්තු 02 දා සිට සැප්තැම්බර් 09 දා දක්වා කාලය තුළ දහම් පාසැලේ තරග වලට පුහුණු වීමට ගිය අවස්ථාවේදී විවිධ භාණ්ඩ දී රවටා මෙම ලිංගික අපරාධය සිදුකර ඇති බවට තොරතුරු  අනාවරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව දැරියගෙන් සහ හිමිනමගෙන් ප්‍රකාශ සටහන් කොටගෙන වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හිමිනම කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වනවා

RECENT ARTICLES - SINHALA

නිවසක් තුළ සිටි දරුවෙකුට විදුලිසැර වැදී මරුට

අත්තනගල්ල - අලවල ප්‍රදේශයේ සිය නිවස තුළ සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 06ක පමණ කුඩා දරුවකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අත්තනගල්ල...

මැතිවරණ පැමිණිලි ඉහළට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (25) දිනයේ දී පමණක් මැතිවරණ පැමිණිලි 53ක් වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ,...

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්

මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර්...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙජ් පත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර මතභේදාත්මක තත්වයක් හට ගෙන...