මොරටුව නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැයි 09 වැනිදා ගාලු මුවදොර සාමකාමී අරගලය පැවති ගෝඨාගෝගමට එල්ල කළ ප්රහාරය සම්බන්ධවයි.
මීට අමතරව කැලණිය ප්රාදේශීය සභා මන්ත්රී මංජුල ප්රසන්න, සීතාවක ප්රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහන යන අයවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ මීට අමතරව ඩෑන් ප්රියසාද් නැමැත්තාවද අත්අඩංගුවට ගැණුනා.