කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට තට්ටුකර දිවගොස් තිබුණා.
එය අසල වූ ආරක්ෂක කැමරාවක (CCTV) ද සටහන්වී තිබෙනවා.
එම අවස්ථාවේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අදාළ නිවසේ පදිංචි තරුණයෙකු එම දරුවා අල්ලාගෙන නිවස තුළට බලහත්කරයෙන් රැගෙන යන අයුරු අදාළ දර්ශනවල දැක්වෙනවා.
එලෙස නිවස තුළට දරුවා රැගෙන ගොස් බියගැන්වීම සඳහා නිවසේ දොර අගුළුදමා ඇති තරුණයා පසුව නිවසේ වැසිකිළියට ගොස් තිබෙනවා.
ඒ අතරතුරදී දරුවා නිවසෙහි තෙවැනි මහලට ගොස් යාබද නිවසෙහි වහල මතට පැන අනතුරුව ඉන් බිමට පැන ඇති බව පොලීසිය සඳහන් කළා.
එය අසල වූ ආරක්ෂක කැමරාවක (CCTV) සටහන්වී තිබෙනවා.
එහිදී අඩි 10ක පමණ උසකින් බිමට පනින දරුවා බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඔහු ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිවැසි තරුණයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ තරුණයාගේ පියා සඳහන් කර තිබුණේ, ළමුන් දිනපතා පුරුද්දක් ලෙස නිවසේ ගේට්ටුවට තට්ටු කර සැඟවී පලා යන බවත්, එදින සිය පුත්‍රයා විසින් මෙම දරුවා බිය ගැන්වීම උදෙසා මෙලෙස නිවසේ රඳවාගෙන සිට ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අනතුරුව පොලීසියට භාරදෙනවා යැයි කළ බියගැන්වීම හේතුවෙන් දරුවා උඩුමහලේ පඩිපෙළෙන් ගොස් බැල්කනියෙන් අල්ලපු නිවසේ වහලය මතට පැන යළිත් පාරට පැන ඇති බවයි.
අදාළ දරුවාගේ නිවස ද එම ආසන්නයේ ම පිහිටා ඇති අතර දරුවාගේ මිත්තණිය විසින් කියා සිටියේ දරුවා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අදාළ නිවසේ පිරිස් දරුවාට පහරදීම් සිදුකර නොමැති බවයි.