26.7 C
Colombo
Thursday, March 27, 2025

දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

- Advertisement -

මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු ඉලක්ක කර ගත් වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

අදාළ සැකකටයුතු මෝටර් රථය ගන්දර කැලෑබද ප්‍රදේශයක තිබීයදී ගන්දර පොලිසිය විසින් සොයාගෙන තිබුණේ පසුගිය 5 වෙනිදායි.

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්න මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ඉලක්ක කර පසුගිය 21 වැනිදා රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් 28 හැවිරිදි යොමේෂ් නදීෂාන් හා 29 හැවිරිදි පසිඳු තාරුක නම් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම තරුණයින් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ මිතුරෙකුගේ නිවසේ තිබූ සාදයකට සහභාගි වී ආපසු යමින් සිටියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, මේ වනවිට ඔවුන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

මෙම වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි වෑන් රථය සම්බන්ධයෙන්ද මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

එම වෑන් රථයට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධයැයි සැකකෙරෙන තවත් සැකකරුවෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු 34 හැවිරිදි දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු මේ මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, අදාළ වෑන් රථයේ ප්‍රසිද්ධ දුරකථන සේවා සමාගමක ස්ටිකර් අලවා තිබූ අතර, ඊට සමාන වෑන් රථයක් මියගිය තරුණයින් දෙදෙනා මීට පෙර සහභාගි වූ මත්පැන් සාදයක දර්ශනවලද ඇතුළත් වී ඇති බවයි.

වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙක් මියගිය තරුණයින් දෙදෙනාගේ සමීපතනයෙක් වන අතර, එම සැකකරු අදාළ වෑන් රථයේ අලවා තිබූ ස්ටිකර් වලට අදාල දුරකතන සේවා සමාගමේ සේවකයෙකු බවටද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මේ අතර ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් ගන්දර පොලිසිය විසින් පසුගිය 05 වෙනිදා සොයාගත් අතර, අදාල මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවත් පොලිසිය සැක පළ කරනවා.

අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැය වෙනස් කර වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙම මෝටර් රථය සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලීසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන...

දරුවන් ගැන අවධානෙන් ඉන්න;දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළා. වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ...

යහපත්ව රාජකාරි කළ පොලිස් නිළධාරීන් ඇගයේ

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා. ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී. ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව...

POPULAR ARTICLES