28.2 C
Colombo
Monday, April 14, 2025

පැනගිය කොස්තාපල් ගැන තවත් තොරතුරු

- Advertisement -

පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරියේ නිරතව සිටින අතරතුර ඩුබායි රාජ්‍යය වෙත පලායෑමේ සිදුවීමක් ගල්කිස්ස පොලීසියෙන් වාර්තා වුණා.

ඔහු විසින් රැගෙන ගිය T 56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ තොගය සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ජේ.ඒ.කේ.ඒ.ජයකොඩි නැමැත්තා පෙරේදා (08) රාත්‍රී සේවය සඳහා යොදවා තිබී ඇත්තේ කහවිට මාවත අසළ මාර්ග බාධකයටයි.

පෙරේදා පස්වරු 6 සිට ඊයේ (09) උදෑසන 06 දක්වා මාර්ග බාධකයේ රාජකාරියෙහි නිරතවීම සඳහා කොස්තාපල්වරයා පස්වරු 5.30ට පමණ පොලිස් ස්ථානයෙන් පිටවගොස් ඇත්තේ අවි ගබඩාවෙන් ගිනි අවියක් සහ උණ්ඩ 30ක්ද රැගෙනයි.

කෙසේවෙතත් කොස්තාපල්වරයා මාර්ග බාධකයේ රාජකාරි සඳහා වාර්තාකර නොතිබීම හේතුවෙන් පොලීසිය ඔහුගේ ඡංගම දුරකථනය ඇමතුවද ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

පසුව අනාවරණ වී ඇත්තේ ඔහු පොලිස් ස්ථානයෙන් පිටව යෑමේදී සටහන් යෙදීම හෝ කාර්යභාර නිලධාරියෙකු දැනුම්වත් කිරීම හෝ සිදුකර නොමැති බවයි.

මේ අතර, කොස්තාපල්වරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පෙරේදා රාත්‍රී 10.15ට පමණ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී අනාවරණ වි තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට අත්තිඩියේ පිහිටි තනිකඩ බට නිවාසයට පැමිණ ඇඳුම් මාරුකර බෙල්ලන්තොට හංදියට ගොස් එතැන් සිට කුලී සේවා සමාගමකට අයත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගමන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලීසිය පවසනවා.

සැකකාර කොස්තාපල්වරයා රැගෙනගිය රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ 30 ද මෙතෙක් සොයාගැනීමට නොහැකිවී ඇති අතර එය මුදලට අලෙවිකර ඇති බවට සැකපළ කරනවා.

විදෙස්ගතව සිටින පාතාල කල්ලි සාමාජික බඩෝවිට අසංක නැමැත්තා ඇතුළු පාතාල කණ්ඩායම් කිහිපයක් සමඟ සැකකාර කොස්තාපල්වරයාට සබඳතා පැවති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසනවා.

අනුරාධපුර,පේමඩුව, කහැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි සැකකරු මීට වසර තුනකට පමණ ඉහතදී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට අනාවරණ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නීතිවිරෝධී කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.  ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ...

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...

මාර්තු මාසයේ ලංකාවට වාර්තාගත ඩොලර් ප්‍රමාණයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙනවා . මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම...

POPULAR ARTICLES

TikTokවල සිංහල සිංදු කියන ටැන්සානියාවේ කිලී පෝල්

ශ්‍රී ලංකාවේ Tiktok පරිශීලකයින් අතර මේ වන විට අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘දුමාරයේ’ ගීතය ටැන්සානියාවේ කිලී පෝල් විසින් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ...

නීතිවිරෝධී කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.  ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ...

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...