25 C
Colombo
Friday, October 25, 2024

පාදුක්කේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

- Advertisement -

හොරණ – මාලොස්ඇළ ප්‍රදේශයේදී ඊයේ (07) සිදුකළ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙසට කටයුතු කළ බව කියන පුද්ගලයා අද (08) අලුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගොස් තිබුණා.

පොලීසිය සඳහන් කළේ, ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ නිරතව සිටි කෝප්‍රල්වරයෙක් බවයි.

හොරණ, මොරගහහේන, මාලොස්ඇළ හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කරමින් ඊයේ දහවල් වෙඩිතැබීමක් සිදුකළ අතර ඉන් එම පුද්ගලයින් දෙදෙනාම මිය ගියා.

වෙඩිතැබීම සිදුකර තිබුණේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්.

වෙඩිතැබීමෙන් පසුව මෝටර් රථය පළාගොස් තිබුණේ පාදුක්ක දෙසට බව CCTV දර්ශන අනුව පොලීසිය අනාවරණ කරගෙන තිබුණා.

වෙඩිතැබීමට සම්බන්ධ බව කියන සැකකරුවෙක් සම්බන්ධයෙන් තොරතුරක් පොලීසියට ලැබී තිබුණේ මේ අතරවාරයේදී යි.

ඒ අනුව, ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අද අලුයම 1ට පමණ පාදුක්ක, මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් එහි පදිංචි පුද්ගලයෙක් ගැන තොරතුරු විමසා තිබුණා.

එහිදී එම පුද්ගලයා නිවසේ නොසිටීම නිසා විමර්ශන නිලධාරීන් නිවසට ආසන්න අංගමුව මංසන්ධියට පැමිණ එහි තාවකාලික මාර්ග බාධකයක් ස්ථාපිත කර තිබුණා.

අලුයම 4.15ට පමණ එම මාර්ගයේ පැමිණි සැකකටයුතු යතුරුපැදියකට නවත්වන ලෙසට පොලීසිය සංඥා කළත් පැදිකරු එය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබුණු බවයි සඳහන් වන්නේ.

පොලීසිය පැවසුවේ, ඒ සමග පැදිකරු, යතුරුපැදිය අතහැර ඉදිරියට දිවයමින් පොලිස් නිලධාරීන් දෙසට බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

එම අවස්ථාවේදී ආත්මාරක්ෂාව සඳහා පොලිසියද එම පුද්ගලයා දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබුණා.

පොලිස් වෙඩිපහරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලැබු අතර පසුව ඔහු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව සඳහන් වනවා.

මිය ගොස් ඇත්තේ, පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙක් වන අතර ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්ද වනවා.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ ඊයේ දහවල් හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසට මොහු කටයුතු කර ඇති බවයි.

එමෙන්ම දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම “හඳයා” නමැත්තාගේ වෙඩික්කරුවන්නේද මෙම පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...