27 C
Colombo
Wednesday, October 23, 2024

කැලණිය සරසවියේ උඩුමහලෙන් වැටුණු සිසුවා ගැන තවත් තොරතුරු

- Advertisement -

කැලණිය සරසවියේ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, විශ්වවිද්‍යාලය තුළ සිට එලෙස මත්පැන් පානය කර ඇති බවයි.

ඊයේ රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අනතුරුව සියලුදෙනා නේවාසිකාගාරයට ගොස් ඇති අතර, එහිදී මත්බවින් සිටි සිසුවා සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහළේ ඔහුගේ කාමරය වෙත ඇරලවා අනෙක් මිතුරන් එම ස්ථානයෙන් ගොස් තිබෙනවා.

ඒ අනුව අධික ලෙස මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අදාළ සිසුවා නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇඳ වැටී මියයන්නට ඇතැයි පොලීසිය සැකකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සිදුවීම වූ කාමරය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවත්, රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් මේ වනවිට අදාළ ස්ථානයට කැඳවා ඇති බවත් නිහාල් තල්දූව මහතා පවසනවා.

නේවාසිකාගාරයේ සිව් වන මහළින් ඇඳ වැටී එලෙස මියගොස් ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නොහොත් සැන්ඩා යන අනුවර්ත නාමයෙන් සරසවිය තුළ හඳුන්වනු ලබන සිසුවෙක්.

සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර මෙම සිසුවා උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යනය සඳහා උපකාර පංති පවත්වමින් ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

Onmax DT ගැන අධිකරණයෙන් නියෝගයක්

ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන Onmax DT  නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට...

සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව සහතිකයි – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනා කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම නිවේදනයේ...

ආරුගම්බේ ආරක්ෂාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කළේ, මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...