28 C
Colombo
Tuesday, October 22, 2024

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

- Advertisement -

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (10) නිකුත් කර තිබුණා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැක කටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදු කළ විමර්ෂනයක් පිළිබඳ ඊයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ත කර තිබුණා.

එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ, “WP C 24–0430” දරණ ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් කොළඹ පෞද්ගලික හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතරකට අනුව එම ස්ථානය පරික්ෂා කළ බවයි.

අදාළ BMW රථය පිළිබඳව හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ, හෝටලයේ දීර්ඝ කලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින අදාළ මෝටර් රථය එම ස්ථානයට ගෙනවිත් නැවතූ බවයි.

ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බවත්, පසුව රැගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර මෝටර් රථය රියදුරෙකු අතේ හෝටලයට එවූ බවයි.

පසුව, එම හෝටලයේ ආපනශාලා කළමණාකරු ලෙස සේවය කළ ප්‍රසිලා සමන්ති නැමැත්තිය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී කාර් රථයේ යතුර ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

විමර්ශන නිලධරීන් අධිකරණයට කියා සිටියේ, මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කිහිපයක් BMW රථයේ තිබී හමුවූ බවත්, මෝටර් රථය ලියාපදිංචියට අදාළ කිසිඳු ලේඛනයක් එහි තිබී හමුවී නොමැති බවයි.

අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් BMW රථයේ ගරාජ් අංකය වූ WP C 24 – 0430 දරණ අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක්කිරීමේදී එහි හිමිකාරිත්වය ලෙස සටහන්ව ඇත්තේ, නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක්.

පසුව එම සමාගමේ හිමිකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ, එම මෝටර් රථ අංකය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබාගත්ත ද, තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තෙකු එම අංක තහඩුව සොරාගෙන තිබූ බවයි.

පසුව එහි චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේදී ඵම චැසි අංකයට අදාළ වාහනයක් නිත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉල්ලීම මත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ ප්‍රශ්නගත කාර්රථය පරික්ෂාවට ලක්කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවයි.

ඒ අනුව, විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවේ, බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවිකිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවිකර නීති විරෝධිව භාවිත කිරීම යන වරදවල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

රනිල් ආරක්ෂකයින් 163ක් ලිඛිතව ඉල්ලලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට නිලධාරින් 163 ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ අනුව...

නෙළුම් කුලුණේ සිදුවීමට අදාළ දැරියගේ දෙමාපියන්ගෙන් ප්‍රකාශයක්

නෙළුම් කුලුණෙන් පැන පසුගියදා සියදිවි හානි කරගත් පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබද අදහස් දක්වා තිබුණා. නිවේදනයක් නිකුත් කරමින්...

අනුර ගැන විශ්වාසයක් තියෙනවා – කාදිනල් හිමි

නිරහංකාර සරළ ගති ඇති ගැමි පුද්ගලයෙකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉදිරි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරාවි යැයි විශ්වාස කරන බව...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...