30 C
Colombo
Friday, March 21, 2025

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතන ගැන තවත් තොරතුරු

- Advertisement -

ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේ ඝාතනය කර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතා හා ඇයගේ සහායකයාව බව පොලීසිය පවසනවා.

ඊයේ පස්වරු 5.50ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.

ඒ, ත්‍රීරෝද රථයක ගමන් කරන කාන්තාවක් ඉලක්ක කරමින්.

එහිදී අදාළ කාන්තාව හා ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පොලීසිය පැවසුවේ, ත්‍රීරෝද රථයේ රියදුරු එම අවස්ථාවේදීම මියගොස් තිබූ බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අළුයම මියගොස් තිබුණා.

පොලීසිය පැවසුවේ එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ, කේ. සුනීතා හෙවත් ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතා නම් කාන්තාවක් බවයි.

වෙඩි ප්‍රහාර 5ක් පමණ ඇයට වැදී ඇති බව වාර්තා වනවා.

ඇය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර යුක්තිය මෙහෙයුම ආරම්භවීමත් සමග සැඟව සිට ඇති බව පොලීසිය සඳහන් කළා.

ඇයට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විභාග වන නඩු කිහිපයක් ද ඇති බවද වාර්තා වනවා.

ඇය සමග ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා 31 හැවිරිදි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ.ආර්.දර්ශන නමැති ඝාතනයට ලක්වූ කාන්තාවගේ ඥාතියෙක්.

ඔහු ඇයගේ මත්ද්‍රව්‍ය ජවාරමේ සහායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

මේ අතර වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි බවට සැකකෙරන යතුරුපැදියක් අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය සොයා ගත්තා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාවාදීම් හා මත්ද්‍රව්‍ය විකිණීම්වලට බාධාකිරීම් සම්බන්ධයෙන් ඇය සමග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අමනාපයෙන් සිට ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පල කරනවා.

පොලීසිය සඳහන් කළේ, එමෙන්ම රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සියලු පළාත් පාලන ආයතනවල බලය අපිට දෙන්න-ටිල්වින්

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බලයත් ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. අද...

ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල...

Breaking : දේශබන්දුගේ නඩුවේ අනෙක් සැකකරුවන්ට ඇප

වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් 6 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා. එහිදී අදාළ සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින්...

POPULAR ARTICLES