28 C
Colombo
Tuesday, July 9, 2024

PHI ඝාතනයට සම්බන්ධ තවත් තොරතුරු එළියට

- Advertisement -

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදීමෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉලක්කය වී ඇත්තේ ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසේ සිටින පොලිස් පරීක්ෂකවරයෙක් බවයි.

ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කළ වෙඩික්කරුගෙන් ගල්කිස්ස පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ, ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තාවකාලික වැඩතහනමකට ලක් ව සිටි පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කළේද තමන් බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 09වනදා එම පොලිස් නිලධාරියාව ඝාතනය කර තිබුණේ නඩු කටයුත්තකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීයි.

පොලීසිය පවසන්නේ, සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් ඝාතන රැසක් පිළිබඳව පවසා ඇති බවයි.

එක් වරෙක රුපියල් 50,000ක මුදලකට කුඩා දරුවෙකු ඝාතනය කිරීමට ගොස් ඇති වෙඩික්කරු තම දරුවා සිහිවීම හේතුවෙන් එය සිදුකර නොමැති බවද පාපොච්ඡාරණය කර තිබෙනවා.

මේ අතර, මේ වනවිට අත්අඩංගුවේ පසුවන කුලී ඝාතකයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුවට භාරදීමට නියමිතයි.

ඒ, ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුලී ඝාතකයාට කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසක සිටින පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනයට බවයි.

අදාළ පොලිස් පරීක්ෂකවරයාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ, ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුව මුදා නොහැරීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය අඩු නොකිරීමට කටයුතු කිරීම නිසා බවද අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව පවසනවා.


RECENT ARTICLES - SINHALA

අතුරුගිරියේ වෙඩික්කරුවන් පලාගිය වෑන් රථය හමුවෙයි

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී තිබෙනවා. අද (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන...

ක්ලබ් වසන්තගේ බිරිඳගේ හෑන්ඩ් බෑග් එකේ රිවෝල්වරයක්

ප්‍රකට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කරන ලද අතුරුගිරිය රූපලාවන්‍යාගාරය කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, රූපලාවන්‍යාගාරයේ තිබූ කාන්තා...

ක්ලබ් වසන්ත ඝාතන කුමන්ත්‍රණය ගැන පොලීසිය කියන කතාව

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර පිරිසක් අද (08) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළකරනවා. අතුරුගිරිය...

POPULAR ARTICLES

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...

අතුරුගිරියේ වෙඩි තැබීම: ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා. අද (08) උදෑසන අතුරුගිරියේ සිදු කළ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායිකා...