දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා ඇති නායයෑමේ අවදානම අද (17) පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මෙලෙස මෙම නායයෑමේ අවදානම නිකුත් කර ඇත්තේ, බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික්වලටයි.
මේ අතර, උතුර පළාතට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 2,142කට අයත් පුද්ගලයින් 6,719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කිරීම නිසා පහත් බිම් යටවීමෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට පවුල් 1,245කට අයත් පුද්ගලයින් 3,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.