26.7 C
Colombo
Wednesday, November 27, 2024

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි

- Advertisement -

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබෙනවා.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (27) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැද , මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

A-9 මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.  මේ හේතුවෙන්,  එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා. ඒ...

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබෙනවා. ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල...

හදිසි ආපදා වාර්තා කරන්න දුරකථන අංක 4ක්

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (26) සිට පැය 24...

POPULAR ARTICLES

ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්...

A-9 මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.  මේ හේතුවෙන්,  එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා. ඒ...

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබෙනවා. ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල...