33 C
Colombo
Saturday, March 22, 2025

හමුදා සාමාජිකයින් 1,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ නියෝගයකට අනුව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලාගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය පෙබරවාරි 22 සිට ආරම්භ කළා.

ඒ අනුව ඊයේ (19) දිනය දක්වා කාලය තුළ සේවයෙන් පලා ගොස් සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන් 1,604 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වල දී 1,444 දෙනෙකු සහ පොලීසිය සිදුකළ මෙහෙයුම්වල දී 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද්ධ හමුදා සෙබළුන් 1,394 දෙනෙකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම ගුවන් හමුදා සෙබළුන් 138 දෙනෙකු සහ නාවික හමුදා සෙබළුන් 72කු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

RECENT ARTICLES - SINHALA

Camping යන්න ඉන්න අයට දැනුවත් කිරීමක්

ඉදිරි කාලය තුළ කඳවුරු බැඳීමට (Camping) සිටින සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව, කඳවුරු බැඳීම සඳහා අවසර ලබා...

සජබයේ කොළඹ පුරපති අපේක්ෂක නම් කෙරේ

කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට සමගි ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතාව නම්කර තිබෙනවා. ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ...

අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

මේ වසරේ පාසල් නිල ඇඳුම් රෙදි සිසුන් වෙත ලබාදී අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වසරේ නිළ ඇඳුම් රෙදි‍ෙඅවශ්‍යතාවයෙන් 100%ක් එනම් රුපියල් මිලියන 5,171කට...

POPULAR ARTICLES