24.7 C
Colombo
Monday, November 25, 2024

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 15,000 ඉක්මවයි

- Advertisement -

මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමඟ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයින් 15,622 ක් පීඩාවට පත්ව තිබෙනවා.

ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී ඇති අතර එම පළාතේ පුද්ගලයින් සංඛ්‍යාව 15,284ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අනුව, විපතට පත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ගුරුනගර්  , නල්ලූර් සහ කයිට්ස් යන ප්‍රදේශ පසුගිය දින කිහිපයක සිට ගං වතුර තත්වයකට මුහුණ පා තිබුණා.

ආපදා කලමනාකරණ නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී දෙන්නේ මෙම තත්වය හේතුවෙන් නිවාසවලටද අර්ධ හානි සිදුව ඇති අතර  විපතට පත් ජනතව සහ දේපළ ප්‍රමාණය ඉහළ යා හැකි බවයි 

RECENT ARTICLES - SINHALA

Breaking: සුජීවගේ වාහනේ නිදහස් කරන්න උසාවි නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි...

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ 13 වත්ත ප්‍රදේශයේදි අද (25) අලුයම 3ට පමණ දෙපිරිසක් අතර අතිවු ගැටුමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල - වැල්ලම්පිටිය...

මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ...

POPULAR ARTICLES