30 C
Colombo
Friday, November 8, 2024

රියදුරු බලපත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් අවලංගු කරලා

- Advertisement -

වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවයි.

රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසුවා.

මේ අතර, රිය අනතුරු බහුලව සිදු වීමට අපරික්ෂාකාරි රිය ධාවනය සහ වාහන නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම ප්‍රධානතම හේතු වි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා.

එමනිසා වාහනයක් ධාවනය කරවීමට පෙර එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයැබැලීම අත්‍යාවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා.

මෙඔහු වැඩිදුරාත් සඳහන් කළේ, රට මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩුද රිය අනතුරු බහුලවීමට බලපා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අම්පාර උසාවියේ තිබූ රන් භාණ්ඩ තොගයක් අතුරුදන්

අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ තොගයක් අස්ථාන ගත වීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණය...

පාසලේදී අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට...

නිවසකට පැන තරුණියක් පැහැර ගැනීමේ තැතක්

බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවූ පුද්ගලයෙකු විසින් නිවැසියන් බියගන්වා එහි සිටි තරුණියක් පැහැරගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වලස්මුල්ලෙන් වාර්තා වනවා. වලස්මුල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට...

POPULAR ARTICLES