උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක හටගත් ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරනවා.
ගින්න වේගයෙන් පැතිර ගිය අතර, ශාලාව තුළ සිරවුණු පිරිස් ගින්නට හසුවි තිබෙන බව යැයි මාධ්‍ය පවසනවා.
ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණ ගින්න හටගෙන තිබෙන සඳහන්.
තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මංගල උත්සව ශාලාවේ සිදුවුණු ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී ඉරාක අභ්‍යන්තර කටයුතු සහ සෞඛ්‍ය සේවා අමාත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.