32 C
Colombo
Wednesday, March 19, 2025

‘මෝල් කසුන්’ අත්අඩංගුවට

- Advertisement -

මනුෂ්‍ය ඝාතන 04ක් සහ දෙදෙනකුට බරපතල තුවාල සිදුකර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පැවසුවේ, හෝමාගම, ගලවිල ප්‍රදේශයේදී අද (18) කළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 5,000 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් නීති විරෝධී කටයුතු සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවද පොලිසිය සඳහන් කළා.

2023 මැයි මස 12 වැනිදා අවිස්සාවේල්ල, තල්දුව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීමට මෙන්ම එම මස 26 වැනිදා තල්දූව, දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා 2023 සැප්තැම්බර් මස 20 වැනිදා තල්දුව, ගුරුපස්වලදී යතුරු පැදියකින් ගොස් තිරෝද රථයක ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමට මොහු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ.

මීට අමතරව තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීමද සැකකරු සිදු කර ඇති ප්‍රධාන අපරාධ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට පාර හරස් කරලා

අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හැටන් ශ්‍රීපාද...

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

POPULAR ARTICLES