25.6 C
Colombo
Thursday, November 28, 2024

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

- Advertisement -

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළා.

ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා පසුගියදා (26) නියෝග කළා.

මන්ත්‍රීවරයා විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් කැඳවු අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබුණා.

පසුගිය 21 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක අසුනේ වාඩිවී ඉන් ඉවත්වීමට ප්‍රතික්ෂේප කිරීමත් එම සිදුවීම ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමත් හේතුවෙන් ඔහු ගැන වැඩි අවධානයක් යොමුවුණා.

RECENT ARTICLES - SINHALA

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය...

පුංචි ඡන්දේ තියන දිනය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ...

තවත් හිටපු ඇමතිවරු තුන්දෙනෙක් අද CIDයට

හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , නිමල් සිරිපාල ද සිල්වා හා කංචන විජේසේකර යන මහත්වරුන් අද (28)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන්...

POPULAR ARTICLES