පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය සුරේන් රාඝවන් මහතා විසින් TikTok මගින් ජනප්‍රියත්වයට පත්වූ ලෝචනා ජයකොඩි හට පාර්ලිමේන්තු මන්ත්‍රී ලිපි ශීර්ෂයෙන් ලිපියක් යොමුකර තිබෙනවා.
ළහිරු මුදලිගේ සමග ලෝචනා විසින් සිදුකළ සංවාදය තමන් නැරඹූ බවත් එය දැකීමෙන් තමන් ඉතාමත් සංවේදී වූ බවත් එහි සඳහන්.
ලෝචනා ජයකොඩි ගත කළ දුක් කම්කටොළු සහිත ජීවිතය තමන්ගේ ජීවිතයටද සමීප බවත් රටේ තරුණ පරපුර දිරිමත් කිරීමට ලෝචනා හට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බවත් මන්ත්‍රීවරයා ලිපිය මගින් පවසා තිබෙනවා.
එසේම සුරේන් රාඝවන් මහතා ලිපිය මගින් පවසා සිටින්නේ තමන් ලෝචනා හට ඕනෑම උදව්වක් කිරීමට සූදානමෙන් සිටින බවයි.