කොවිඩ් 19 වෛරසය ආසාදනය වේ යැයි බියෙන් මාළු ආහාරයට ගැනීමට බිය නොවන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නොවැම්බර් 17වන දින මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසූ අතර මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී අමු මාළු ආහාරයට ගනිමින් ඔහු ප්‍රකාශ කළේ කිසිදු බියකින් තොරව මාළු ආහාරයට ගන්නා ලෙසය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.
‘ඔන්න මම අද ගෙනාවා මාළු. ඊයේ තංගල්ල වරායට ගිහින් මම මේ මාළු ගෙනාවේ. මේවා ගෙනාවේ පෙන්වන්න. රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා මේ මාළු කන්න, බය වෙන්න එපා. මාළු කෑවට කොරෝනා හැදෙන්නේ නැහැ. ‘