අද (28) දින වැඩ කරන පන්තිය සමස්තයක් ලෙස වැඩවර්ජනයට යොමුව ඇති මොහොතක වහාම ආණ්ඩුව ගෙදර යා යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කරනවා.
ඒ, ඊයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.
පෙරේදා දින නිකුත් කරන ලද චක්‍රලේඛය හරහා අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටීමකට ලක්ව ඇති බවත් ජනතාවට සහන දීමට ආණ්ඩුවට තවදුරටත් හැකියාවක් නැති බවත් ඔහු පෙන්වා දෙනවා.
තවදුරටත් ආණ්ඩුව බලයේ රැඳී සිටීමට උත්සහ කරන්නේ හොරකම රජ කරවා ඇති තත්ත්වයක හටගෙන තිබෙන බිය නිසා බවත් ස්ටාලින් මහතා කියා සිටිනවා.