26 C
Colombo
Friday, October 18, 2024

2022 ලෝක විවාහක රූ රැජින දිවයිනට

- Advertisement -

2022 – ලෝක විවාහක රූ රැජින වන ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් මහත්මිය අද (09) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.  

ශ්‍රී ලංකා විවාහක රූ රැජින- 2023 තරඟාවලියේ අවසාන මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ඇය මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින- 2023 තරඟාවලියේ අවසාන මහා තරගය සැප්තැම්බර් 13 වන දින සවස 06 ට කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවන් 23 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

ලෝක විවාහක රූ රැජින අද අලුයම 05.40 ට ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩ සටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් පැමිණ තිබුණා.

මෙම තරඟාවලියට සහභාගී වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමටද අපේක්ෂා කරන අතර එළැඹෙන 15 වෙනිදා සර්ගම් කවුෂාල් මහත්මිය සිය සංචාරය නිමා කර ආපසු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...