24.8 C
Colombo
Saturday, December 28, 2024

‘සිරසට’ වාරණයක්

- Advertisement -

සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝර්ජ් ස්ටුවර්ස් හෙල්ත් පෞද්ගලික සමාගම, එහි සභාපති දිලිත් ජයවීර සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව සිදුවනවා යැයි පවසන අපහාසත්මක පුවත් පළකිරීමක් වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නොවැම්බර් 23 වන වාරණ නියෝගයක් නිකුත් ඇත.

එම නියෝගය නිකුත් ඇත්තේ සිරස “නිව්ස් ෆස්ට්“ හරහා ජෝර්ජ් ස්ටුවර්ස් හෙල්ත් පෞද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.

ජෝර්ජ් ස්ටුවර්ස් හෙල්ත් පෞද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් පෙනී සිට ඇති අතර සිරස නාලකාවේ ප්‍රධාන ප්‍රවෘ්ත්ති විකාශ ඔස්සේ තම සේවාදායකයන්ට අපහාස වන අයුරින් පුවත් විඛාශය කරන බවත් ඒවා වැළැක්වීමට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකරු වන දිලිත් ජයවීර මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත.

සිරස ප්‍රවෘත්ති විකාශය මගින් නොවැම්බර් 11, 13, 16 සහ 19 වන දිනවල ජෝර්ජ් ස්ටුවර්ස් සමාගම මෙරටට ගෙන්වන ලද කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළකළ බව පැමිණිලිකරු ව අධිකරණයට කරුණු දක්වා ඇත..

RECENT ARTICLES - SINHALA

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

POPULAR ARTICLES

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...