26 C
Colombo
Friday, October 25, 2024

ගෝඨාගේ වරප්‍රසාද ගැන මුජිබර් විමසයි

- Advertisement -

හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජන විරෝධය හමුවේ තනතුර හැර ගිය පුද්ගලයකු හෙයින් ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද ලබා දී තිබේ දැයි විමසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමුකර තිබෙන බවට වාර්තා වෙනවා.

මුජුබුර් රහුමාන් මහතා විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 3(1) වගන්තිය යටතේ මේ තොරතුරු ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති තනතුර හැර යාමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාට රජය මගින් නිල නිවසක් ලබා දී තිබේද?

එම නිල නිවස නඩත්තුව සඳහා මසකට රජය කොපමණ මුදලක් වැය කරනවා ද?

නිල නිවස ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහා වෙන් කිරීමෙන් පසු මේ දක්වා රජය මගින් වැය කර ඇති මුදල කොපමණද?

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට ලබාදී ඇති වාහන සංඛ්‍යාව කොපමණද? ආදී ප්‍රශ්න වලට පිළිතුරු මුජුබර් රහුමාන් මහතා ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා තිබෙන බවට වාර්තා වෙනවා

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...