28.7 C
Colombo
Tuesday, April 8, 2025

නාවික හමුදාව ඉඩම් අල්ලා ගැනීමේ උත්සහයට මුලතිව් ජනතාව විරෝධතාවයක. චීන ජාතිකයෙකුත් ඒ අතර

- Advertisement -

මුලතිව්, වට්ටුවගල් නාවික හමුදා කඳවුර අවට භූමියේ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව අද (29) ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක් පැවැත්වීය.

මීට පෙර තමන්ගෙන් පවරාගෙන ඇති ඉඩම් ලබාදීමත්, අලුතින් තම ඉඩම් පවරා ගැනීමේ උත්සාහයට විරෝධය පළකිරීමත් මේ විරෝධතාවේ අරමුණ විය.

අදාළ ඉඩම් අලුතින් මැනීමේ උත්සාහයක් අද ක්‍රියාත්මක වූ අතර, ජනතා විරෝධය නිසා එය තාවකාලිකව නවත්වන ලදි.

මෙහිදී සිදු වූ තවත් විශේෂත්වයක් වූයේ චීන ජාතිකයෙකු පැමිණ තමන්ට එහි අක්කර 49ක භූමියක් අයිති බව පැවසීමයි.

මේ පුද්ගලයා එහි සිටි මාධ්‍යවේදීන්ට පවසා ඇති ආකාරයට ඔහුගේ පියා චීන ජාතිකයෙකි. මව ශ්‍රී ලාංකිකයෙකි.

1977 වසරේදී හමුදා කඳවුර පිහිට භූමිය අවට ප්‍රදේශයෙන් අක්කර 49ක භූමියක් ඔවුන්ගේ පවුල විසින් මිලදීගෙන ඇත. ඒ ගොවිපොළක් පවත්වාගෙන යෑම සඳහා ය.

එහෙත් යුද්ධය සහ ආරක්ෂක හේතු නිසා එය සිදු කළ නොහැකි වූ බව ද ඔහු විසින් පවසා තිබේ.

ඊට අදාළ සියලු ලිපිලේඛන තමන් සතු බව ද ඔහු විසින් මාධ්‍යවේදීන්ට පවසා ඇත.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ තමන්ගේ දැන් වයස අවුරුදු 79ක් බවත්, තමන්ට මෙහි ව්‍යාපාරයක් කිරීමට හැකියාවක් නැති බවත් ය.

එම නිසා අක්කරයකට රුපියල් ලක්ෂ සියය බැගින් වන වටිනාකමක් ගෙවන්නේ නම්, තමන්ට අයත් අක්කර 49 ආරක්ෂක අමාත්‍යංශයට හෝ අදාළ වෙනත් ආයතනයකට ලබාදීමට තමන් සූදානම් බව ද ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ට වගාකිරීමට තිබූ ඉඩම් අහිමි නොකරන ලෙසයි.

වෙනත් ජීවන වෘත්තියක් නැති තමන්ගේ පවුල්වලට මේ ඉඩම් අහිමි නොකරන ලෙසත්. දැනට හමුදාවෙන් පවරාගෙන ඇති ඉඩම් ලබාදෙන ලෙසත් අද විරෝධතාවට සහභාගි වූ ජනතාව ඉල්ලා සිටී.

ඡායාරූප – කුමනන්

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මේ වනවිට කොළඹ...

හරි ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් ආර්ථිකයට මුල් තැන දෙන්න – රාජිත

නිවැරදි ජනාධිපතිවරයෙක් සිටිනවා නම්, ගමේ ඡන්දය පැත්තකින් තබා, මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය විය යුත්තේ පළමුවත් ආර්ථිකය, දෙවනුව සහ තෙවනුවත් ආර්ථිකය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

මෝදි ආපු එක ලොකු වාසියක් – එස් බී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණීම ඉතා වාසිසහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වත්මන් ආණ්ඩුවත්...

POPULAR ARTICLES