27.3 C
Colombo
Saturday, April 12, 2025

මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ඝාතනයක්

- Advertisement -

තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.

ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙසේ කැපුම් තුවාල ලබා තිබෙනවා.

අද (05) දින අළුයම් කාලයේ සිද්ධ වූ පහරදීමෙන් පසුව අදාල කාන්තාව සහ පිරිමි පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව ග්‍රැන්ඩ්පාස් පොලිසිය පවසනවා.

එහිදී තුවාලකාරිය වෛද්‍යවරුන් පරීක්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, අනෙක් තුවාලකරු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වනවා.

පොලිසිය පවසන්නේ, මරණකාරිය වයස අවුරුදු 60ක් වූ තැනැත්තියක් බවත් තුවාලකරු වයස අවුරුදු 26ක් වන මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් බවයි.

මරණකාරියගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් ඇගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට හා දෙදෙනා අතර ඇති වූ ආරවුලට මැදිහත් වූ අනෙක් පුද්ගලයාටද මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් පහරදි තිබෙන බව සඳහන් වනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES