අභිනවයෙන් පත් වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ අනනන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවයේදී එම හිමියන්ගේ අතින් උපාධි ලබා ගැනීම විශ්ව විද්‍යාල සිසුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
එම හිමියන් පිටව යාමෙන් පසුව උපකුලපතිවරයාගේ අතින් උපාධි ලබාදීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අදාල කුලපති ස්වාමීන්වහන්සේගේ පත්වීම දේශපාලනික බව පවසමින් කොළඹ විශ්වවිද්‍යායේ කළමනාකරණ සහ මූල්‍යකරණ පීඨයේ ගුරු සංගමය ද එම උපාධි ප්‍රදානෝත්සවය වර්ජනය කර තිබෙනවා.
එමෙන්ම, කුලපති හිමියන්ගේ සහභාගීත්වයෙන් සිසුන්ගේ අධ්‍යාපනයේ ගෞරවයට හානිවන බව කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.