27.1 C
Colombo
Tuesday, April 1, 2025

මගේ බිස්නස්වලට CID එකෙන් කරදරයි – පියුමි හංසමාලි

- Advertisement -

මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කර තිබෙනවා.

මේ වනවිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇය විමර්ශනයකට භාජනය වී සිටිනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බව සඳහන් කරමින් පියුමි හංසමාලි සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන්  අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයෙන් අලෙවි කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවට චෝදනා කර තිබෙනවා.

මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවත්  නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

මේ තුළින් සිය සේවාදායිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා.

නීති විරෝධී ලෙස වත්කම් හා දේපළ අත්පත් කරගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පියුමි හංසමාලි මේ වන විට පොලිස් විමර්ශනයකට මුහුණ දෙමින් සිටින අතර මීට අදාළව ඇයගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් ප්‍රකාශ සටහන් කරගෙනද තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පියුම් හංසමාලි විසින් මෑතකදී අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනුකර තිබුණා.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පියුමි හංසමාලි මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවටත් පොලිසිය විසින් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES