31 C
Colombo
Sunday, January 26, 2025

මගේ කීර්තිනාමයට හානි වුනා -සුරේෂ් සලේ

- Advertisement -

සිය කීර්තිනාමයට හා රාජකාරී දිවියට අගතියක් වී ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විමර්ශනය වෙමින් තිබියදී අන්තර්ජාලය ඔස්සේ ඇතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කර ඇති බවට සුරේෂ් සලේ මහතා පවසා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසඳය 2021 ඔක්තෝම්බර් 23 දින සූම් තාක්ෂණය ඔස්සේ කළ සාකච්ජාවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව සුරේෂ් සලේ මහතා එම නඩුව පවරා ඇත.

මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමා සූම් තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහනක දී එම ප්‍රකාශය කර ඇති බවත්, ජාතික හා අන්තර්ජාතික වශයෙන් එම ප්‍රකාශය ප්‍රසිද්ධවීමත් සමඟ තමන්ට පමණක් නොව තම දරුවන්ට ද අගතියක් සිදු වූ බව සලේ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ නඩුව විභාගකළ අතර විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිටියා.

එමඟින් සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දියක් අයකර දෙන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා තිබෙන අතර අපහාසාත්මක ප්‍රකාශය අන්තර්ගත CD පටයක්ද පැමිණිලිකරු විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

මෙහිදි පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් සලේ මහතා මෙසේ පවසා සිටියා.

“මගේ සේවා කාලය අවුරුදු 36ක්. මෙම ප්‍රකාශ මගේ දරුවන්ට පුද්ගලිකව තර්ජනයක් වුණා. ප්‍රකාශ තුළින් සමාජ මතයක් ගොඩනැගීම නිසා රාජකාරියට දැඩි බලපෑමක් එල්ල කරනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පාස්කු සම්බන්ධයෙන් නඩු විභාගයක් පවතින අතරතුර මෙවන් ප්‍රකාශ කිරීම තුළින් සමාජයට වෙනත් අර්ථකථනයක් ඉස්මතු කරනවා. විශේෂයෙන් මගේ නම සඳහන් කරලා මෙවැනි ප්‍රකාශයක් කිරීම අගතිගාමීයි. මගේ පවුලේ හතරදෙනෙක් ඉන්නවා තුන්දෙනෙක්ම යුද හමුදාවේ සේවය කරලා රට වෙනුවෙන් අතපය පවා දන් දීලා තියෙනවා. මගේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්න සිදුවුණා. මෙම ප්‍රකාශය පුද්ගලිකව දැඩි පීඩනයක් එල්ල කළා.”

අදාළ කරුණු තහවුරු කරමින් පෙත්සම්කරු විසින් දිවුරුම් ප්‍රකාශයක් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තිකාර පියතුමා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා සමඟ නීතිඥ විමල් රත්වත්ත මහත්වරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

දෙපාර්ශ්වය කරුණු සලකා බැලූ දිසාවිනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 25 වනදාට කල්තැබුවා.

RECENT ARTICLES - SINHALA

දිවයින පුරා ප්‍රධාන ජලාශ 46ක් තවදුරටත් වාන් දමයි

දිවයින පුරා ඇද හැළුණු අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතරින්...

ඉස්සර කෙඳිරි ගෑවේ විපක්ෂය, දැන් කෙඳිරි ගාන්නේ ආණ්ඩුව – ඩි. වී. චානක

ජාතික ජනබලවේග වේදිකාවේ සිටි දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව යටතේ පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන විට කිසිදු සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි....

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන රජයේ ස්ථාවරය

ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

POPULAR ARTICLES